Friday, August 26, 2011

ගැහැණිය යනු...

ගැහැණිය යනු මනුෂ්‍ය ආත්මයක් නොවේ; ඇය හදුන්වා දීමට උචිතම නිර්වචනය නම් සවිඥාණකත්වය‍ යි. එනම්, මිනිසා මිනිසකු කිරීමට ද, මිනිසා විසින් කරන ලද පව් සෝදා හැරීමටද විශ්ව බලවේගයන් විසින් (ඇතැම් විශ්වාස පරිදි දෙවියන් විසින්) මෙලොවට ලබා දුන්නාවූ ශක්තියකි. සුරතල් දියණියද, ආදරණීය සොයුරියද, හිතවත් මිතුරියද, උත්තරීතර මාතාවද බිහිවන්නී දේවාත්මයක් වූ ඇය තුළිනි. ඇය මිහිකත මෙන් වූ මහා බරක් උසුලන්නීය... සාගරයක් පමණ වූ කදුලැල් හෙලන්නීය... ඇය තුළින් ජීවයක් පණ ලබන්නේය.. ඇය ඉතාමත් දක්ෂය.. පරිපුර්ණ ය... ආකර්ශනීයය.. බුද්ධිමත් ය..රූමත් ය.. ඉවසිලිවන්තය.. දෙවියන්ගේ තුලාව දෙපසට මිනිසා සහ ගැහැණිය දමා තුලනය කළහොත් අනිවාර්යයෙන්ම ස්ත්‍රී පාර්ශවයේ බර වැඩි වේ. එනම් ඇය සෑම අතින්ම මිනිසාට වඩා උසස් ආත්මයකි..

**** ඕෂෝ විසින් රචිත ගැහැණු මනුස්සයා නම් කෘතියේ උදෘතයකි.

No comments:

Post a Comment